Pages

Saturday, August 4, 2018

බිට්කොයින් ගන්න කලින් ලංකාවේ ඔබ දැනගතයුතු කරුණු. (06 කොටස)









































ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) කියන වචනය මේ වෙනකොට අහපු නැති කෙනෙක් නැති තරම්. තාක්ෂණික පැත්තට ලොකු නැඹුරුවක් නැති කෙනෙක් වුනත් අන්තර්ජාලයෙන් හරි යාලුවෙක්ගෙන් හරි මේ ගැන පොඩ්ඩක් හරි අහල ඇති.
ඇත්තටම මොකද්ද මේ බිට්කොයින් කියන්නෙ? මේ කෙටි ලිපිය බිට්කොයින් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යය ඔබටයි.
බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක්. බිට්කොයින් තමයි ලෝකෙ පළමු ඩිජිටල් මුදල් ඒකකය. ක්‍රිප්ටෝග්‍රැෆික් + කරන්සි කියන වචන දෙක එකතු වෙලා තමයි ක්‍රිප්ටෝකරන්සි කියන නම හැදිල තියෙන්නෙ. බිට්කොයින් වගේම තියෙන අනෙකුත් ඩිජිටල් මුදල් ඔක්කොම අයිති වෙන්නෙ මේ ක්‍රිප්ටෝකරන්සි කැටගරි එකටයි.



දිනය: අගෝස්තු මාසෙ 18 වෙනිද 2008 වසරෙ. www.bitcoin.org කියන වෙබ්සයිට් එක බිහි වෙන්නෙ මෙන්න මේ දවසෙ. ඔක්තෝබර් මාසෙ 31 වෙනිද Bitcoin: A Peer-to-Peer Electronic Cash System යන නමින් Document එකක් මුලින්ම එලියට එනව. මේක ප්‍රකාශයට පත් කරන්නෙ සතෝෂි නකමොටෝ (Sathoshi Nakamato) කියන නමින්.



මේකට තමයි බිට්කොයින් වයිට් පේපර් (white paper) එක කියල කියන්නෙ. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට විශ්වාසවන්තභාවය කඩ නොවී, බැංකු වැනි තුන්වෙනි පාර්ශවයක් සහභාගී කරගන්නෙ නැතුව, ඉක්මනින් ඩිජිටල් අකාරයට මුදල් හුවමාරු කර ගන්නා ක්‍රමය සහ මේ තාක්ෂණය ගැන තමයි මේ සතෝෂිගෙ වයිට් පේපර් එකේ සඳන් වෙලා තිබුනෙ.
2009 ජනවාරි 03 වෙනිද සතෝෂි නකමොටෝ පළවෙනි බිට්කොයින් බ්ලොක් (genesis block of bitcoin/block number 0) එක mine කරනව. ඒකෙන් සතෝශිට බ්ලොක් රිවෝර්ඩ් (block reward) එක විදිහට බිට්කොයින් 50ක් හම්බවෙනව.

Beginning Of The Cryptocurrency

Wednesday, June 27, 2018

How To Use private Trading භාවිතා කරන ආකාරය.. ( 05 කොටස)



අපි අතේ තියෙන Crypto Coins මුදල් කරගන්න අපි හැමෝම පුරුදුවෙලා තිබ්බ ලේසි ක්‍රමය තමයි ගැණුම්කරුවෙක් හොයාගෙන අපේ බැංකු ගිණුමට මුදල් දාගෙන ඔහු මිලදීගත් ප්‍රමාණයට අදාල Coins ඔහුගේ Crypto Address එකට යවන එක.
සාමාන්‍යයෙන් මුලින්ම සල්ලි එවන්න ඕන Coins මිලදී ගන්න කෙනා.
ගොඩක් වෙලාවට Face to Face Trading කරන්න අමාරු කාරණා බොහොමයි. වෙලාව පිළිබඳ ප්‍රශ්න, දුර සම්බන්ධ ගැටලු, මුණගැසීමට ඇති අකමැත්ත වගේම විශ්වාසවන්තභාවය පිළිබඳ ගටලු මෙයට බලපානවා.
ඉතින් මේ විදිහට ඉන්ටනෙට් එකෙන්, ෆෝන් එක හරහා සම්බන්ධ වෙලා Coins Buy / Sell කරන්න ගිහින් මුදල් වගේම Coins නැතිකරගත්ත අයනම් අපි අතරේ බොහෝමයි.
අමාරුවෙ නොවැටී කොහොමද Coins, Buy / Sell කරන්නෙ?
ඒකට අපි භාවිතා කරන්න ඕන escrow සර්විස් එකක්.

Friday, June 22, 2018

Feeses of Kripter Exchange එකේ ගාස්තු.. (04 කොටස)




Kripter එකේ Trading Fees මොනවද කියන එක වැඩි දෙනෙකුට තිබ්බ ප්‍රශ්නයක්. ඔන්න එහෙනම් මේ ලිපිය kripter exchange එකේ TRading Fees සහ අනෙකුත් Fees ගැනයි.

ගිණුමක් නැත්නම් මේ Kripter Exchange එකේ ලියාපදිංචිවෙලා verification එක කරගෙන ඉන්න..

 ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..


මේ Kripter Exchange එක ගැන වැඩි විස්තර මෙතනින්


How To Trading with Kripter එක්ක Trading කරමු... (03 කොටස)


Kripter එකවුන්ට් එක හදා ගත්තට පස්සෙ Tradings කරන එක සරල දෙයක්. ගොඩක් අය දැනටමත් .CEX.IO, Coinmama වගේ Exchange වල Trading කරල Crypto මිලදීගෙන ඇති. නමුත් මේ විෂයට අළුත් අය ඉන්න නිසා මම ඒ ගැන පැහැදිලි කරන්නම්. මොකද මේ Exchnage  එක හරහා මේ ක්ෂේත්‍රයට අලුතෙන් ගොඩක් අය ඉදිරියේදි ඒවි කියල බලාපොරොත්තුවෙනව.

මුලින්ම Kripter Exchnage එකට ලොග්වෙලා ඉන්න වෙනව. 

ගිණුමක් නැත්නම් මුලින්ම මේ Kripter Exchange එකේ ලියාපදිංචිවෙලා verification එක කරගෙන ඉන්න..

 ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

මේ Kripter Exchange එක ගැන වැඩි විස්තර මෙතනින්


Dashboard එකේ Trading කියන ටැබ් එකෙන් trading view එකට ගිහින් ඔයාට අවශ්‍යය currency pair එක තෝර ගන්න පුලුවන්.
Related Posts Plugin for WordPress, Blogger...