Pages

Wednesday, June 27, 2018

How To Use private Trading භාවිතා කරන ආකාරය.. ( 05 කොටස)



අපි අතේ තියෙන Crypto Coins මුදල් කරගන්න අපි හැමෝම පුරුදුවෙලා තිබ්බ ලේසි ක්‍රමය තමයි ගැණුම්කරුවෙක් හොයාගෙන අපේ බැංකු ගිණුමට මුදල් දාගෙන ඔහු මිලදීගත් ප්‍රමාණයට අදාල Coins ඔහුගේ Crypto Address එකට යවන එක.
සාමාන්‍යයෙන් මුලින්ම සල්ලි එවන්න ඕන Coins මිලදී ගන්න කෙනා.
ගොඩක් වෙලාවට Face to Face Trading කරන්න අමාරු කාරණා බොහොමයි. වෙලාව පිළිබඳ ප්‍රශ්න, දුර සම්බන්ධ ගැටලු, මුණගැසීමට ඇති අකමැත්ත වගේම විශ්වාසවන්තභාවය පිළිබඳ ගටලු මෙයට බලපානවා.
ඉතින් මේ විදිහට ඉන්ටනෙට් එකෙන්, ෆෝන් එක හරහා සම්බන්ධ වෙලා Coins Buy / Sell කරන්න ගිහින් මුදල් වගේම Coins නැතිකරගත්ත අයනම් අපි අතරේ බොහෝමයි.
අමාරුවෙ නොවැටී කොහොමද Coins, Buy / Sell කරන්නෙ?
ඒකට අපි භාවිතා කරන්න ඕන escrow සර්විස් එකක්.


Escrow කියන්නෙ මොකද්ද?

විශ්වාසවන්ත තුන්වෙනි පාර්ශවයක් ඔබේ ගණුදෙනුවට මැදිහත්වීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.
ගණුදෙනුවට අදාල මුදල්, ලියකියවිලි හෝ වෙනත් දෙයක් තුන්වන පාර්ශවය විසින් රඳවා ගන්න අතර විණුම්කරුට මුදල් ලැබුනු පසු හෝ ගණුදෙනුව සාර්ථකව නිමවන අවස්ථාවේදී රඳවාගත් දෑ ගැණුම්කරුට මුදා හැරේ.
Cryptocurrency ගණුදෙනුවකට මේ ක්‍රමය ඉතා සාර්ථකව යොදා ගන්න පුලුවන්.

Kripter Private Order 

හිතන්න ඔයාට Coins ටිකක් Sell කර ගන්න වුවමනාවක් තියෙනව. ඔයාට buyer කෙනෙකුත් Facebook හරහා හම්බ වෙලා තියෙන්නෙ. ඔයාගෙ Selling price එකටත් buyer කැමති වෙලා ඉවරයි.
ඒත් පොඩි ප්‍රශ්නයක්....
ඔය දෙන්න කවදාවත් මුණගැහිල නෑ. ලොකු විශ්වාසෙකුත් නෑ. ඒත් ගණුදෙනුව කරන්නත් ඕන.
මෙතනදි තමයි ඔයාට Kripter Private Trading එක ඕන වෙන්නෙ.

Kripter ගිණුමක් නැත්නම් මේ Kripter Exchange එකේ ලියාපදිංචිවෙලා verification එක කරගෙන ඉන්න..

 ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..


මේ Kripter Exchange එක ගැන වැඩි විස්තර මෙතනින්
Seller විසින් kripter exchange එකට Coins,Deposit කරන්න ඕන. Buyer අදාල මුදල Kripter Exchange එකට Deposit කරන්න ඕන.
Select Digital Asset: ඔයා විකිණීමට බලපොරොත්තු වෙන Coins වර්ගය තෝරන්න. (BTC/ETH/LTC)
Pricing Model: ඔයාට Coins විකිණීමට අවශ්‍යය ආකරය. මෙතනදී ඔයාට තීරණය කරන්න පුලුවන් Market Price + Percentage (%) එකක් විදිහටද, එහෙම නැත්නම් ඔබ කැමති මිලක්ද කියන එක.
Precentage: Market Price එකට වඩා වැඩියෙන් විකිණීමට වුවමනා % එක ඇතුලත් කරන්න. Market Price එකට වඩා  අඩුවෙන් විකිණීමට අවශ්‍යය නම් (-) අගයක් යොදන්න.
උදා: -3%
Sell price: Coin 1ක විකිණුම් අගය. ඔයාට කැමති ගණනක් Sell Price (Buyer agree උන) එක විදිහට දාන්න පුලුවන්.
Order Currency: ගණුදෙනුව සිදුවෙන මුදල් ඒකකය. (Fiat Currency) LKR, EUR, GBP, USD
How much do you want to sell: ඔයා විකිණීමට බලපොරොත්තු වෙන Coins වල සම්පූර්ණ අගය.
Buyers Kripter ID: ඔයාගෙන් Coins buy කරන පුද්ගලයා Kripter Exchange එකට register වුන email address එක.
Order Expiry - how long will this order remain valid? මේ ගණුදෙනුව සම්පූර්ණ කිරීමට ඔබ ලබාදෙන කාලය. විනාඩි 15, විනාඩි 30, විනාඩි 45 ලෙස ඔයාට තෝරගන්න පුලුවන්.

ඔයා මේ විදිහට private order එකක් place කරාට පස්සෙ ඔයාගෙ ඊමේල් එකට notification email එකක් එවනවා.
ඒ වගේම buyerගෙ ඊමේල් එකටත් notification එකක් automatically යනවා.
ඒ වගේම ඔය දෙන්නගෙම Dashboard වල Notification එකක් විදියට මේ Private Order එක පෙන්නුම් කරනවා.
ඉතින් මේ කාලය ඇතුලත buyer විසින් අදාල මුදල් ප්‍රමාණය kripter ගිණුමට බැර කර ගණුදෙනුව සම්පූර්ණ කල යුතුයි. වෙලාව පහු උනොත් private order එක automatically cancel වෙනව.
Private Order එකක් සම්පූර්ණ වෙනකොට දෙපාර්ශවයෙන්ම 0.5% ක fee එකක් අය කෙරෙනව.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි Kripter Private Order එකෙන් අපි වැඩක් ගන්නෙ.
හොර බොරු වංචා වලට අහු වෙන්නෙ නැතුව ආරක්ෂාකාරීව Tradings එකක් කරන්න පුලුවන් විදිහට Kripter Exchange එකෙන් එකෙන් ලබා දෙන හොඳම option එකක් තමයි මේක.
ජය වේවා...!!!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...