Pages

Saturday, August 4, 2018

බිට්කොයින් ගන්න කලින් ලංකාවේ ඔබ දැනගතයුතු කරුණු. (06 කොටස)









































ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) කියන වචනය මේ වෙනකොට අහපු නැති කෙනෙක් නැති තරම්. තාක්ෂණික පැත්තට ලොකු නැඹුරුවක් නැති කෙනෙක් වුනත් අන්තර්ජාලයෙන් හරි යාලුවෙක්ගෙන් හරි මේ ගැන පොඩ්ඩක් හරි අහල ඇති.
ඇත්තටම මොකද්ද මේ බිට්කොයින් කියන්නෙ? මේ කෙටි ලිපිය බිට්කොයින් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යය ඔබටයි.
බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක්. බිට්කොයින් තමයි ලෝකෙ පළමු ඩිජිටල් මුදල් ඒකකය. ක්‍රිප්ටෝග්‍රැෆික් + කරන්සි කියන වචන දෙක එකතු වෙලා තමයි ක්‍රිප්ටෝකරන්සි කියන නම හැදිල තියෙන්නෙ. බිට්කොයින් වගේම තියෙන අනෙකුත් ඩිජිටල් මුදල් ඔක්කොම අයිති වෙන්නෙ මේ ක්‍රිප්ටෝකරන්සි කැටගරි එකටයි.



දිනය: අගෝස්තු මාසෙ 18 වෙනිද 2008 වසරෙ. www.bitcoin.org කියන වෙබ්සයිට් එක බිහි වෙන්නෙ මෙන්න මේ දවසෙ. ඔක්තෝබර් මාසෙ 31 වෙනිද Bitcoin: A Peer-to-Peer Electronic Cash System යන නමින් Document එකක් මුලින්ම එලියට එනව. මේක ප්‍රකාශයට පත් කරන්නෙ සතෝෂි නකමොටෝ (Sathoshi Nakamato) කියන නමින්.



මේකට තමයි බිට්කොයින් වයිට් පේපර් (white paper) එක කියල කියන්නෙ. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට විශ්වාසවන්තභාවය කඩ නොවී, බැංකු වැනි තුන්වෙනි පාර්ශවයක් සහභාගී කරගන්නෙ නැතුව, ඉක්මනින් ඩිජිටල් අකාරයට මුදල් හුවමාරු කර ගන්නා ක්‍රමය සහ මේ තාක්ෂණය ගැන තමයි මේ සතෝෂිගෙ වයිට් පේපර් එකේ සඳන් වෙලා තිබුනෙ.
2009 ජනවාරි 03 වෙනිද සතෝෂි නකමොටෝ පළවෙනි බිට්කොයින් බ්ලොක් (genesis block of bitcoin/block number 0) එක mine කරනව. ඒකෙන් සතෝශිට බ්ලොක් රිවෝර්ඩ් (block reward) එක විදිහට බිට්කොයින් 50ක් හම්බවෙනව.






ජනවාරි මාසෙ 9 වෙනිද පළවෙනි බිට්කොයින් opensource client එක sourceforge වෙබ්සයිට් එකට එකතු වෙනව. මේ එක්කම බිට්කොයින් ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගත්ත මුල්ම බිට්කොයින් සපෝටර්ස්ල කීප දෙනෙක් අතරෙ ලෝකෙ පළමු බිට්කොයින් ගණුදෙනු කිහිපය සිද්ද වෙනව.



ගැවින් ඇන්ඩර්සන් (Gavin Andresen) Bitcoin.org හි leas programmer විදිහට ඉදිරියට එන අතරෙ සතෝෂි නකමොටෝ නාමය කරළියෙන් අතුරුදහන් වෙලා යනව.
බිට්කොයින් වලින් කරපු වටිනාකමක් සහිත පළමු ගණුදෙනුව විදිහට ප්‍රසිද්ධ වුන සිද්දිය තමයි බිට්කොයින් 10,000 කට පීසා දෙකක් ඕර්ඩර් කරපු ගණුදෙනුව.



බිට්කොයින් සමග කරළියට ආ blockchain තාක්ෂණයේ තිබුන අලුත්බව සහ නිවැරදිභාවය නිසා දවසින් දවස බිට්කොයින් භාවිතය සහ ක්‍රිප්ටෝකරන්සි ආශ්‍රිත අලුත් ව්‍යාපාර බිහිවෙන්නට පටන් ගැනුනේ මුලු ලොවම පුදුම කරවමින්.

බිට්කොයින් වල අගය විකාශනය වූ ආකාරය.




2009 - බිට්කොයින් 10,000ක් $50 විකිණීමට නොහැකි විය.
2010 මාර්තු - 1 BTC = $0.003
2010 ඔක්තෝබර් - 1BTC = $0.125
2011 පෙබරවාරි - 1BTC = $1
2011 ජුලි - 1BTC = $31
2013 අප්‍රේල් - 1 BTC = $266
2014 මැයි - 1 BTC = $630
2015 නොවැම්බර් - 1 BTC = $504
2016 නොවැම්බර් - 1 BTC = $780
2017 අගෝස්තු - 1 BTC = $4400
2017 දෙසැම්බර් - 1 BTC = $17900
2018 ජුලි - 1 BTC = $8200



බිට්කොයින් සහ අනෙකුත් ක්‍රිප්ටෝකරන්සි වල අගය මේ අකාරයට සෑම විටම උස් පහත් වෙන්නෙ වෙලඳපොලේ ඇති ඉල්ලුම සහ සැපයුම අනුවයි. පවතින අධික ඉල්ලුම නිසා මිල ගණන් විශාල වශයෙන් ඉහල යාමට ඇති අවස්ථාව ඉහලයි.
බිට්කොයින් සහ අනෙකුත් සියලුම ක්‍රිප්ටෝකරන්සි වර්ග වල මිල ගණන්, පසුගිය දත්ත සහ තොරතුරු වගේම Cryptocurrency Exchanges ගැන දැන ගනන පුලුවන් හොඳම වෙබ්සයිට් එක තමයි Coinmarketcap.com



ක්‍රිප්ටෝකරන්සි වල පවතින මේ මිල වෙනස්වීමේ ප්‍රවණතාවය නිසා අධික ලාභ මෙන්ම අධික පාඩුත් සිදුවෙන්න පුලුවන්. ඒ නිසා හැමවිටම ක්‍රිප්ටෝකරන්සි මිලදී ගන්නට පෙර ඒ ගැන හොඳින්ම දැනුවත්වෙලා සිටීම ඉතාමත් වැදගත් දෙයක්.

ක්‍රිප්ටෝකරන්සි සහ ශ්‍රී ලංකාව.




බිට්කොයින් සහ ක්‍රිප්ටෝකරන්සි ලංකාවට තවමත් අලුත් දෙයක්. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබුනා මේ සම්බන්ධයෙන්. එහිදී කියා තිබුනේ ක්‍රිප්ටෝකරන්සි වල ඇති අවිනිශ්චිතභාවය සහ රජයක් හෝ මහ බැංකුවක් මගින් පාලනය නොකරන නිසා මේ පිළිබඳව වගකීමක් ඔවුන්හට නොමැතිබව.
කෙසේ නමුත් ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් තවම නිශ්චිත නිර්වචනයක් හෝ විශේෂ පනතක් මෙතෙක් ඉදිරිපත් වී නැත.



ක්‍රිප්ටර් එක්ස්චේන්ජ් එක තමයි ලංකවෙ පළමු ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ් එක. ඉතින් මෙවැනි පසුබිමක ක්‍රිප්ටර් එක්ස්චේන්ජ් එක කොහොමද වැඩකටයුතු කරන්නෙ?



ක්‍රිප්ටර් එක්ස්චේන්ජ් හඳුන්වාදුන් සූකි පර්වානා සහ ප්‍රවීන් ද සිල්වා ඒ ගැන අදහස් දැක්වූයේ මෙලෙසින්.
"ලංකාවෙ අපිට ලංකාවෙම කට්ටියක් එකතු වෙලා තමයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ.
මීට කලිනුත් සඳහන් කරපු විදිහට, මහ බැංකුව වර්තමානයේ ක්‍රිප්ටෝකරන්සි සඳහා නියාමන ක්‍රමවේදයක් තවමත් ආරම්භ කරල නැහැ."
ක්‍රිප්ටර් විසින් මහ බැංකුවට අපගේ අවශ්‍යයතාවය ඉදිරිපත් කර ඇති අතර අනාගතෙය්දී මහබැංකුව ඉදිරිපත් කරන නියාමනයන්ට අනුකූලව කටයුතු කිරීමට සූදානමින් වෙලා සිටින්නෙ.
ඒ එක්කම එස්ටෝනියා සහ ජර්සි යන රටවල යුරෝපීය නියාමන බලපත්‍ර ලබා ගැනීමට ක්‍රිප්ටර් දැනටමත් සියල්ල ඉදිරිපත් කර අවසන්.
ක්‍රිප්ටර් හුවමාරුව දැනටමත් coinxeo සහ pryvat coin වැනි අනෙකුත් ක්‍රිප්ටෝකරන්සි සමාගම් සමඟ හවුල් වී තිබෙනවා.
ක්‍රිප්ටර් තවත් එක් ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ් එකක් නොවන අතර ශ්‍රී ලංකාව ක්‍රිප්ටෝකරන්සි සහ Blockchain තාක්ෂණය අතරින් ලොව අනෙක් රටවල් මෙන් කරට කර ඉදිරියෙන් සිටින බවට හොඳම නිදසුනකි.

6 comments:

  1. tama site eka complete karala na. labana sathiye aga witara weddi okkoma hari yawi

    ReplyDelete
  2. Dan me site 1 thiyanne me vidihata nememei ne????

    ReplyDelete
  3. Dan me site 1 thiyanne me vidihata nememei ne????

    ReplyDelete
  4. wenas wela na. medwas wala maintainance ekak yanawa

    ReplyDelete
  5. Meka mata karanna igana ganna ona mokakda meke karanna tiuenne

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...