Pages

Friday, June 22, 2018

How To Trading with Kripter එක්ක Trading කරමු... (03 කොටස)


Kripter එකවුන්ට් එක හදා ගත්තට පස්සෙ Tradings කරන එක සරල දෙයක්. ගොඩක් අය දැනටමත් .CEX.IO, Coinmama වගේ Exchange වල Trading කරල Crypto මිලදීගෙන ඇති. නමුත් මේ විෂයට අළුත් අය ඉන්න නිසා මම ඒ ගැන පැහැදිලි කරන්නම්. මොකද මේ Exchnage  එක හරහා මේ ක්ෂේත්‍රයට අලුතෙන් ගොඩක් අය ඉදිරියේදි ඒවි කියල බලාපොරොත්තුවෙනව.

මුලින්ම Kripter Exchnage එකට ලොග්වෙලා ඉන්න වෙනව. 

ගිණුමක් නැත්නම් මුලින්ම මේ Kripter Exchange එකේ ලියාපදිංචිවෙලා verification එක කරගෙන ඉන්න..

 ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

මේ Kripter Exchange එක ගැන වැඩි විස්තර මෙතනින්


Dashboard එකේ Trading කියන ටැබ් එකෙන් trading view එකට ගිහින් ඔයාට අවශ්‍යය currency pair එක තෝර ගන්න පුලුවන්.



Buy Bitcoin

1. Limit




Amount (BTC): ඔයාට buy කරන්න අවශ්‍යය BTC ප්‍රමාණය enter කරන්න.
Price (LKR) : Bitcoin එකක මිල. උදා: BTC එකක Market value එක LKR 1,100,000 නම් ඔබට මීට අඩු හෝ වැඩි හෝ ඔබ කැමති මිලක් ඉල්ලුම් කරන්න පුලුවන්.
Fee: ක්‍රිප්ටර් එක්ස්චේන්ජ් එක හරහා මේ ගණුදෙනුව සිදුකරනවාට අය කරන කොමිස් මුදල.
Total amount: ඔයාට අවශ්‍යය BTC ප්‍රමාණය මිලදී ගැනීමට යන මුලු මුදල.

2. Market


Amount (BTC): ඔයාට buy කරන්න අවශ්‍යය BTC ප්‍රමාණය enter කරන්න. මේ මොහොතේ තියෙන බිට්කොයින් Market Price එකෙන් තමයි මේ Market කියන option එකෙන් automatically හැදෙන්නෙ.
Fee: ක්‍රිප්ටර් එක්ස්චේන්ජ් එක හරහා මේ ගණුදෙනුව සිදුකරනවාට අය කරන කොමිස් මුදල.
Total amount: ඔයාට අවශ්‍යය BTC ප්‍රමාණය මිලදී ගැනීමට යන මුලු මුදල.

3. Stop





Amount (BTC): Buy කරන්න අවශ්‍යය BTC ප්‍රමාණය.
Price (LKR) : ස්ටොප් ඕඩර් එකක් කියන්නෙ ඔයා මිලදී ගන්න බලන් ඉන්න විශේෂිත මිලක්. හබැයි මේ ප්‍රයිස් එක මාර්කට් ප්‍රයිස් එකට වඩා වැඩි අගයකින් යුක්ත වෙන්න ඕන. ඔයා ස්ටොප් ප්‍රයිස් එක දාන ගානට වෙන කෙනෙක්ගෙන් සෙල් ඕර්ඩර් එකක් ආව ගමන් ඔයාගෙ බයි ඕඩර් එක ඔටෝමැටිකලි ෆිල් වෙනව.
Fee: ක්‍රිප්ටර් එක්ස්චේන්ජ් එක හරහා මේ ගණුදෙනුව සිදුකරනවාට අය කරන කොමිස් මුදල.
Total amount: ඔයාට අවශ්‍යය BTC ප්‍රමාණය ගන්න යන මුලු මුදල.

4. Stop-Limit



මේ option එක තියෙන්නෙ price range එකක් අතරෙ ඔයාට bitcoin buy කරන්න අවශ්‍යය නම් විතරයි. ඔයාට පුලුවන් අවම මිලක් සහ උපරිම මිලක් ලබා දෙන්න.
Amount (BTC): buy කරන්න අවශ්‍යය BTC ප්‍රමාණය.
Stop Price (LKR) : ඔයා දාන ස්ටොප් ප්‍රයිස් එකට මාර්කට් ප්‍රයිස් එක ටච් උන ගමන් ඔයාගෙ බයි ඕඩර් එක ස්වයංක්‍රීයව ඕඩර් බුක් එකට ඇතුලත් වෙනව. Market Price එකට වඩා වැඩි මුදලක් මෙහිදී ඇතුලත් කල යුතුයි.
Limit Price (LKR): ඔයා වියදම් කරන්න සූදානම් උපරිම මුදල් ගණන මෙය විය යුතුයි. විකුණුම් මිල ඔයාගෙ Limit price එකට වඩා වැඩි උන ගමන් bitcoin buy වෙන එක automatically නවතිනව.
Fee: ක්‍රිප්ටර් එක්ස්චේන්ජ් එක හරහා මේ ගණුදෙනුව සිදුකරනවාට අය කරන කොමිස් මුදල.
Total amount: ඔයාට අවශ්‍යය BTC ප්‍රමාණය ගන්න යන මුලු මුදල.

Tips

ඉතින් ඔයා අමතක නොකර දැනගන්න ඕන දෙයක් තමයි ඔයාට Crypto Buy කරන්න අවශ්‍යය ඕන වෙලාවක ඔයාට පුලුවන් Oder Book එකේ තියෙන Sell Orders වලින් Buy කරන්න. ඔයාට අවශ්‍යය ගාණට Oder Book එකේ තියෙන Sell Orders නැතිනම්, ඔයාට අවශ්‍යය ගාණ දාල Buy Order එකක් ප්ලේස් කරන්න.


ඔයාගෙ LKR / Fiat Wallet එකේ ඔයාට අවශ්‍යය මුදල් ප්‍රමාණය නිතරම තියන් ඉන්න එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වේවි.



Market Price එකේ උස් පහත් වීම් එක්ක හොඳ Trade එකක් ආවොත් ඉක්මනටම ඔයාට Buy කරගන්න පුලුවන් වෙන්නෙ ඒ වගේ වෙලාවට තමයි.
එහෙනම් තවත් ලිපියකින් හමුවෙනතුරු..
ජය වේවා...!!!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...