Pages

Friday, June 22, 2018

How To Deposit LKR and Crypto in Kripter Exchange එකට මුදල් සහ Crypto තැන්පත් කරන ආකාරය...( 02 කොටස)




    Cryptocurrency පාවිච්චි කරපු ලංකාවෙ අපි බොහෝ දෙනෙකුට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි අපිට අවශ්‍ය ඕනෑම මොහොතකදී crypto to fiat හෝ fiat to crypto හුවමාරු කර ගන්න එක. 

(Fiat = ව්‍යවහාර මුදල්. උදා: රුපියල්)


ඉතින් මේ තිබුන දුෂ්කරතාවයත් එක්ක ගොඩක් දෙනෙකුට සිද්ද උනා Bitcoin, Ethereum වගේ coins මිලදී ගන්නකොට තවත් තුන්වන පාර්ශවයකින් උදව් ගන්න. Bitcoin විකුණන පුද්ගලයෙකුගෙ bank account එකට සල්ලි දාල තමන්ගෙ wallet එකට coins එවනකම් බලන් ඉන්න තමයි ගොඩක් අය පුරුදු වෙලා හිටපු ක්‍රමය.
ඉතින් මේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ටික තමයි,
1. මාර්කට් ප්‍රයිස් එක හරි ඊට ගොඩක් වැඩි නොවෙන ලෙස කොයින්ස් මිලදී ගන්න එක.

2. අපිට අවශ්‍යය ඕනෙම වෙලාවක විනාඩි දෙක තුනකින් buy/sell කිරීමේ හැකියාව.
3. ක්‍රිප්ටෝ භාවිතයට රුපියල් ගිණුමක් යොදා ගැනිම
4. විශ්වාසවන්තභාවය

Kripter හරහා කරන්න පුලුවන් වැඩ ගොඩයි. අපේ ට්‍රේඩර්ස්ලගෙ ප්‍රශ්න ඔක්කොම විසඳෙන platform එකක් තමයි මේක.

මුලින්ම මේ Kripter Exchange එකේ ලියාපදිංචිවෙලා verification එක කරගෙන ඉන්න..

 ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..


මේ Kripter Exchange එක ගැන වැඩි විස්තර මෙතනින්







Fiat Deposit (LKR)

ඔයාගෙ kripter dashboard එකේ Deposit--> Fiat deposit කියන තැනින් ඔයාට fiat deposit වලට අදාල විස්තරය හොයා ගන්න පුලුවන්.



එතන ලබා දීල තියන kripter bank account එකට තමයි ඔයාගෙ සල්ලි (රුපියල්) දාන්න ඕන.



Bank slip එකේ payment reference (මුදල් ගෙවීමට හේතුව) කියන තැන ඔයාගෙ kripter account එක හදන්න පාවිච්චි කරපු email id (kripter username) එක විතරයි ලියන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්.




Cash deposit එක කරාට පස්සෙ ඔයා මෙතනින් අවශ්‍යය විස්තර එක්ක ඔයාගෙ බෑන්ක් ස්ලිප් එකේ Photo එකක් attach කරන්න ඕන. පැයකට අඩු කාලයක් ඇතුලත kripter team එකෙන් ඔයාගෙ රුපියල් ප්‍රමාණය kripter dashboard එකේ LKR Wallet එකේ update කරනවා.




Online bank transfer (LKR)
ඔයා online bank transfer එකක් කරනව නම් මේක අනිවාර්යෙන්ම ඔයා KYC verify කරපු නමට අදාලව තියෙන bank account එකෙන්ම එන්න ඕන. එහෙම නැති උනොත් මේ මුදල් kripter එකෙන් බාරගන්නෙ නැතුව refund කරනවා. හැබැයි මේකට යන කාලය දවස් 1–5 අතරෙ වේවි. සපෝර්ට් ටිකට් එකක් open කරන එක තමයි හොඳම දේ මේ වගේ දෙයක් උනොත්.

Add Bank Account
ක්‍රිප්ටර් dashboard එකේ bank කියන option එකෙන් ඔයාගෙ බැංකු ගිණුම් විස්තර ඇතුලත් කරන්න පුලුවන්. ඔයාගෙ bank account එක KYC verify කරපු නමටම (Account holder name) තිබීම අත්‍යාවශ්‍ය කාරණයක්. මේකෙ තියෙන IBAN පිරවීම ලංකාවෙ අයට නම් අත්‍යාවශ්‍ය නැහැ.


ඔයාගෙ bank account details හරියට ඇතුලත් කරල නම් kripter team එකෙන් පැයක් දෙකක් ඇතුලත වගේ verify කරනවා.

Bank account එක verify උන ගමන්ම ඔයාගෙ kripter dashboard එකේ withdraw --> withdraw fiat එකේ ඔයාගෙ verify උන account details පෙන්නනව.

Fiat Withdrawal (LKR)
BTC/LKR, LTC/LKR, ETH/LKR pairs වලින් coins sell කරල ඔයාට රුපියල් එකතු වෙන්නෙත් LKR Wallet එකේමයි. මේ මුදල් කෙලින්ම ඔයාගෙ bank account එකට ලබා ගන්න පුලුවන්.



Bank Account details verify උනාට පස්සෙ ඔයාට අවශ්‍යය රුපියල් ප්‍රමාණය දාල withdrawal එක කරන්න පුලුවන්. විනාඩි 30කුත් පැය 24ක කාලයක් ඇතුලත ඔයාගෙ bank account එකට අදාල මුදල් ප්‍රමාණය ලැබේවි.

Crypto Deposit

Kripter Exchange එක දැනට support කරන්නෙ මෙන්න මේ coins වර්ග තුනයි.
1. Bitcoin (BTC : බිට්කොයින්)
2. Litecoin (LTC : ලයිට්කොයින්)
3. Ethereum (ETH : එතේරියම්)






Dashboard එකේ ඔයාගෙ සියලුම wallets වර්ග ටික වගේම අදාල ඩිපොසිට් address එක පෙන්නුම් කරනව. එතන තියන Deposit button එක ක්ලික් කරල හෝ Deposit --> Deposit Crypto කියන option එකෙන් ඔයාට Deposit address එක වගේම QR කෝඩ් එකත් ලබා ගන්න පුලුවන්.





Coins ට්‍රාන්ස්ෆර් කරාට පසෙ නියමිත confirmation ගණන ඉක්මවූ පසු ඔයාගෙ coin value එක අදාල wallet එකේ පෙන්නුම් කරාවි.
BTC 5 confirmations

ETH 15 Confirmations
LTC 12 Confirmations

මීළඟ ලිපියෙන් Kripter exchange එකේ tradings කරන ආකාරය ගැන කියන්නම්.
ජය වේවා...!!!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...