Pages

Saturday, August 4, 2018

බිට්කොයින් ගන්න කලින් ලංකාවේ ඔබ දැනගතයුතු කරුණු. (06 කොටස)









































ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) කියන වචනය මේ වෙනකොට අහපු නැති කෙනෙක් නැති තරම්. තාක්ෂණික පැත්තට ලොකු නැඹුරුවක් නැති කෙනෙක් වුනත් අන්තර්ජාලයෙන් හරි යාලුවෙක්ගෙන් හරි මේ ගැන පොඩ්ඩක් හරි අහල ඇති.
ඇත්තටම මොකද්ද මේ බිට්කොයින් කියන්නෙ? මේ කෙටි ලිපිය බිට්කොයින් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යය ඔබටයි.
බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක්. බිට්කොයින් තමයි ලෝකෙ පළමු ඩිජිටල් මුදල් ඒකකය. ක්‍රිප්ටෝග්‍රැෆික් + කරන්සි කියන වචන දෙක එකතු වෙලා තමයි ක්‍රිප්ටෝකරන්සි කියන නම හැදිල තියෙන්නෙ. බිට්කොයින් වගේම තියෙන අනෙකුත් ඩිජිටල් මුදල් ඔක්කොම අයිති වෙන්නෙ මේ ක්‍රිප්ටෝකරන්සි කැටගරි එකටයි.



දිනය: අගෝස්තු මාසෙ 18 වෙනිද 2008 වසරෙ. www.bitcoin.org කියන වෙබ්සයිට් එක බිහි වෙන්නෙ මෙන්න මේ දවසෙ. ඔක්තෝබර් මාසෙ 31 වෙනිද Bitcoin: A Peer-to-Peer Electronic Cash System යන නමින් Document එකක් මුලින්ම එලියට එනව. මේක ප්‍රකාශයට පත් කරන්නෙ සතෝෂි නකමොටෝ (Sathoshi Nakamato) කියන නමින්.



මේකට තමයි බිට්කොයින් වයිට් පේපර් (white paper) එක කියල කියන්නෙ. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට විශ්වාසවන්තභාවය කඩ නොවී, බැංකු වැනි තුන්වෙනි පාර්ශවයක් සහභාගී කරගන්නෙ නැතුව, ඉක්මනින් ඩිජිටල් අකාරයට මුදල් හුවමාරු කර ගන්නා ක්‍රමය සහ මේ තාක්ෂණය ගැන තමයි මේ සතෝෂිගෙ වයිට් පේපර් එකේ සඳන් වෙලා තිබුනෙ.
2009 ජනවාරි 03 වෙනිද සතෝෂි නකමොටෝ පළවෙනි බිට්කොයින් බ්ලොක් (genesis block of bitcoin/block number 0) එක mine කරනව. ඒකෙන් සතෝශිට බ්ලොක් රිවෝර්ඩ් (block reward) එක විදිහට බිට්කොයින් 50ක් හම්බවෙනව.

Beginning Of The Cryptocurrency

Related Posts Plugin for WordPress, Blogger...